තද වැස්සෙන් ප්‍රදේශ රැසකට ගංවතුර.!

මේ දිනවල පවතින වැසි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කළුගඟ සහ නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ජල ගැලීම් තත්ත්වය හට ගෙන ඇති අතර කළුගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවත් නිල්වලා ගඟ, තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවද සදහන් කරයි.

තවද කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන්, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන්, අවධානය යොමුකළ මට්ටමක් දක්වා ඉහළ යමින් ඇති බවත් කුකුලේ ගඟ ඉහළ ජල මූලාශ්‍රයන් වෙත වර්ෂාව ලැබීම හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කුඩා ගඟ පිටාර ගැලීම හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ, දඹල, නාලියද්ද, ඇටඹ ගස් හන්දිය ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින බවත් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය, දඹල ඇටඹගස් හංදිය, නාලියද්ද යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවද සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close