LIVE
ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකවර වැටුප් දෙකක් ලබාගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (09) දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කළේය.
එහිදී විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට අදාළව මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය සහ වැඩිදුර කරුණු අධිකරණය හමුවේ වාර්තා කරනු ලැබුවෙිය.
අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (23) වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ තවත් තනතුරක් සඳහා එකවර වැටුප් හා දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් වන මූල්‍ය සාක්ෂි හා විමර්ශන වාර්තා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ රක්ෂිත බන්ධනාගාර කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.
