ලබාදුන් තුවක්කු යළිත් පවරා ගැනීමට තීරණය කරයි.!

රජය ලබාදී තිබූ තුවක්කු 375ක බලපත්‍රය අහෝසි කර එම තුවක්කු ආපසු ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

වයඹ පළාතේ පොල් වගාකරුවන්ට ඔවුන්ගේ වගාව රිළව් ඇතුළු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට එම තුවක්කු ලබාදී තිබුණේය.

තම වගාව ආරක්ෂා කරගැනීමට දුන් එම තුවක්කු වලින් ලබාගත් දින සිට මේ දක්වා එක වෙඩිල්ලක්වත් පත්තු කර නොමැති නිසා අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත.

එනිසා තුවක්කු සමඟ එම බලපත්‍රවලට ලබාදී තිබූ පතරොම්ද ආපසු ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close