හොරණ රාජ්‍ය බැංකු කොල්ලයේ රහස් හෙළිවෙයි

පසුගියදා හොරණ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑ බවට වූ සිද්ධියට අදාළව කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බැංකුවේ සහකාර කළමනාකාරවරයා (07) අදාළ බැංකු පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සොරකම සිදුකළ ආකාරය සම්බන්ධයෙන් පාපොච්ඡාරණයක් සිදුකර ඇති බව වාර්තා වේ.

එම සහකාර බැංකු කළමනාකාරවරයා විවිධ කාන්තාවන්ගෙන් පොලී පදනම මත ලබාගත් මුදල්වල පොලිය පියවීම සඳහා බැංකුවෙන් මුදල් වංචාකර ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එම සහකාර බැංකු කළමනාකාරවරයා එලෙස ලබාගත් මුදල් පතල් කර්මාන්තය වැනි විවිධ ව්‍යාපාර සඳහා යොදවා ඇති බවත් අදාළ රාජ්‍ය බැංකුවේ ATM යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ මෙම සැකකරු බවද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම සැකකරු බැංකුවෙන් නියම කරන ලද මුදලට වඩා අඩු මුදලක් ATM යන්ත්‍ර වලට ඇතුළත් කර, ඉතිරි මුදල් හොර රහසේ තමන් සන්තකයේ තබාගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest