76 වන ජාතික නිදහස් දිනය අදයි.!

” හදමු අලුත් රටක් ” යන තේමාව යටතේ 76 වන ජාතික නිදහස් දිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදි අද (04) දින පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනය පරිදි 76 වන ජාතික නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් සහභාගී වේ.

තායිලන්ත අගමැතිවරයා සමග දූත පිරිසක් සහ තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් නිදහස් උත්සවයට සහභාගී වන අතර නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බළකායේ සාමාජිකයන් එක්වේ.

76 වන ජාතික නිදහස් උත්සවය සඳහා නිලධාරීන් 241 දෙනකු සමග ආරක්ෂක අංශ සාමාජිකයන් 6125ක් සහභාගි වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සදහන් කළේය.

ගුවන් යානා 19ක් සමග ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් මෙවර පෙළපාලියට එක් කරන බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ සඳහන් කර ඇත.

නිදහස් උත්සවය වෙනුවෙන් නාවික හමුදාවේ රථ පෙළපාලියට සමගාමීව නාවික හමුදාවේ නැව් කිහිපයක් ගාලුමුවදොර අබියස මුහුදේ ගමන් කරමින් ප්‍රදර්ශනයට සහය වීමට නියමිතව ඇත.

76 වැනි ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (04) දින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close