ශ්‍රී ලංකා ඉන්දියා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කරයි

LIVE

ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රානාත් සිං ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිල සංචාරයක නිරත විය.

අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ඔහු වෙත ශ්‍රී ලංකා යුද හමුදා සම්ප්‍රදානුකූලව ආචාර සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතා සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අවධාරණය කළේය.

විශේෂයෙන්ම අභියෝගාත්මක සහ හදිසි අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ නොපසුබස්නා සහයෝගය හා උපකාර කෙරෙහි ශ්‍රී ලංකා රජයේ ගෞරවනීය කෘතඥතාව ඔහු මෙහිදී පළ කර සිටියේය.

ශ්‍රී ලංකාව දක්වන ලද සුහදශීලී පිළිගැනීම පිළිබඳව සිය සතුට පළ කළ ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා, දෙරට අතර පවතින ඓතිහාසික හා නො බිඳුණු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි කාලය තුළ ආරක්ෂක හා අනෙකුත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැපවන බව ප්‍රකාශ කළේය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?