ඉරානය අමෙරිකාවට අනතුරු අඟවයි.. මිසයිල 300ක දැවැන්ත ප්‍රහාරයක්.!

ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදී ඉරානයට යළිත් වතාවක් පහර දීමට කටයුතු කළහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි සදහන් කරයි.

නැවතත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් ඩ්‍රෝන සහ මිසයිල 300 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කරන බවද ඉරාන මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට පෙර එම කලාපීය අසල්වැසියන්ට දැනුම් දුන් බවත් සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් සීමාවන් සහිත ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කරන බව ඇමෙරිකාවට දැනුම් දුන් බවද ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් සදහන් කරයි.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කළ බවත් නැවතත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල නොකළහොත් මෙම අර්බුදය මෙතනින් අවසන් වන බවද විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close