මියන්මාර හමුදාව රට හැරයති.!

මියන්මාර හමුදාව මින් වසර දෙකකට පෙර හමුදා කුමන්ත්‍රණයක් හරහා එරට බලය පැහැරගන්නා ලදි.2021 පෙබරවාරියේ දී හමුදාව විසින් බලය පැහැරගැනීමෙන් පසු, ඔවුන් සිවිල් වැසියන්ට දක්වන කෲර හැසිරීම නිසා හමුදා භටයින් හා පොලිස් නිලධාරීන් 13 000ක් පමණ දෙනා සේවය හැරගොස් ඇතැ යි, පිටුවහලේ පසුවන මියන්මාරයේ ජාතික එක්සත් රජය (National Unity Government of Myanmar/NUG) පවසයි.

දේශසීමා කලාපයන්හි සිටින වාර්ගික සන්නද්ධ සංවිධානයන් සමග කටයුතු කරන මහජන හමුදා කණ්ඩායම් ජාලයක් වන ‘මහජන ආරක්ෂක බලකායන්’ (PDF), බොහෝදෙනා බලාපොරොත්තුවූවාට වඩා ප්‍රබල බලවේගයක්බව දැන් දැන් ඔප්පුවෙමින් පවතින අතර, මියන්මාරයේ හමුදාව වෙතින් එරට විශාල ප්‍රදේශයන්හි පාලනය ගිලිහීගොස් තිබේ.

නමුත් රුසියාව විසින් මියන්මාර හමුදාවට සෘජුව සහය ලබා දෙයි.රුසියාවේ නිෂ්පාදිත Yak-130 යානා,Sukhoi Su-30 නමැති දියුණු, බහුකාර්ය ප්‍රහාරක ජෙට් යානා මියන්මාරයට ආනයනය කර ඇත.එමෙන්ම මියන්මාර හමුදා සෙබලුන් විශේෂ පුහුණු වැඩසටහන් සඳහා රුසියාවට ගෙන්වා ගෙන ඇත.

මියන්මාර හමුදාවේ මාරාන්තික ප්‍රහාරයක් නිසා අප්‍රේල් මස දී සාගයිං කොට්ඨාසයේ පසිග්යී ගම්මානයේ කාන්තාවන් හා ළමුන් ද ඇතුළු 170කට අධික ජන පිරිසක් ඝාතනයවිය.

වසර 18ක් ගුවන් හමුදාවේ සේවය කල කපිතාන් සේතූ අවුං මියන්මාර හමුදාව සිවිල් වැසියන්ට එල්ල කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර නිසා සේවය හැරගිය සොල්දාදුවෙකි.ඔහු පවසන පරිදි ගුවන් හමුදාව නැත්නම්, හමුදාව කඩාවැටෙන්න විශාල ඉඩක් ඇති අතර දැන් ගුවන් හමුදාව සේවය හැරයමින් පවතී.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close