මේ වනවිට රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රෝහල්වල නොමැති බවත් එනිසා රටේ ජනතාව අසරණ වී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
අද (08) බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“ගරු සභාපතිතුමිය, දැන් ජනාධිපතිතුමා කියනවා කොත්තමල්ලි බීලා ගෙදර ඉන්නලු. දැන් එනකොට කිව්වේ පුරවැසියන්ගේ මේ ප්‍රමාණයට අවශ්‍ය, රෝගීන්ට අවශ්‍ය වෛද්‍යවරු දෙනවා කියලා. ආපු ගමන් ඔබතුමියලා GMOA එකත් එක්ක හැප්පුණා. වෛද්‍යවරු විවේචනය කරා.
දැන් බෙහෙත් නැහැ ඉස්පිරිතාල වල. Life saving drugs නැහැ ඉස්පිරිතාල වල. පිළිකා රෝගීන්ගේ අවශ්‍ය බෙහෙත් ටික නැහැ ඉස්පිරිතාල වල. හැබැයි එහෙම කියන ඔබතමුන්නාන්සේලා, ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි ඉස්පිරිතාලෙට බෙහෙත් දෙන්නේ නැති ඔබ මොකද කරන්නේ.?
ඔබ තමුන්නාන්සේලා දැන් ඇවිල්ලා කියනවා ඉස්පිරිතාල යන්නත් එපාලු. අවුරුද්දකට කෝටි 8ක් ජනතාව ඉස්පිරිතාල වලට යනවා කියනවා. ඒ කියන්නේ කෝටි 8ක්, ඒ කියන්නේ දළ වශයෙන් එක පුද්ගලයෙක් 4 වතාවයිනේ යන්නේ. මේ රටේ සාමාන්‍යයෙන් අඩු ආදායම් ලබන අය.
දැන් ඔබතුමාලාට ඔබතුමීලාට ප්‍රශ්නයක් නැහැ දැන් 159 දෙනා පොෂ් වෙලානේ දැන් කොළඹ ඉන්නේ. දැන් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවනේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඔබතුමීලා යන්නේ ලොකු ලොකු ඉස්පිරිතාල වලට. ඉතින් ඒක දැන් ඔබතුමීලාට, මේ ආණ්ඩුවේ ඉන්න අයට බලපාන්නේ නැහැ.
හැබැයි තාමත් ගරු සභාපතිතුමිය, ගමේ ඉන්න දරුවෝ, ගමේ ඉන්න දෙමාපියන් තමන්ගේ දරුවන්ට අසනීප වුණාම අරන් යන්න තියෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට.
ඉතින් ඒ ඉස්පිරිතාලෙට බෙහෙත් ටික තියෙන්න ඕනේ. කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියලා ජනාධිපතිතුමාට කියන්න අයිතියක් නැහැ. දැන් ජනාධිපතිතුමා හිතනවා නම් කොත්තමල්ලි බීලා ගෙදර හිටියාම වැඩේ හරි.
බෙහෙත් ටික අරන් දෙන්න ඕනේ නැහැ ඉස්පිරිතාල වලට, ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ බෙහෙත් ටික අරන් නොදී ඉස්පිරිතාල වල ලෙඩ්ඩු ටික තියාගන්න පුළුවන්, ළමයි ලෙඩ්ඩු ටික ගෙවල් වල තියාගන්න පුළුවන් කියලා ඉතින් ඒකෙන්ම හිතාගන්න පුළුවන්.”
