හයිවේ එකේ ඇඹුල්තියල් ගේන්න සීටි බෙල්ට් එක හොඳයි

LIVE

මගීන් අපහසුතාවයකට පත් වෙන්නේ නැති වෙන්න මාර්ග නීති තද කරන එක හොද කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

දැන් ඔබතුමාලා එක පැත්තකින් ලස්සන සුරංගනා කතා කියනවා. දැන් මේ මාර්ග නීති තද කරන එක හොඳයි. හැබැයි මගීන්ට අපහසුතාවයකට පත් වෙන්නේ නැති වෙන්න. දැන් හයිවේ එකේ බෙල්ට් දාගෙන, දැන් හොඳයිනේ දැන් ඇඹුල්තියල් ගේන්න පුළුවන් බෙල්ට් එක දාගෙන.

හෙල්ලෙන්නේ නැහැනේ. හයිවේ එකේ ඇඹුල්තියල් අරන් එන්න පුළුවන් ගරු සභාපතිතුමිය. දැන් කිසි ප්‍රශ්නයක් නැතුව බෙල්ට් එකත් දාගෙන හයිවේ එකේ එන්න පුළුවන් දැන්. හැබැයි එන ගමන් දැන් හයිවේ එකේ එන්න තියා ඇඹුල්තියල් හදන්න විදියක් නැහැ.

බේරුවල වරායට බෝට්ටු එන්න දෙන්නේ නැහැ. ඇයි ජනාධිපතිතුමා, බේරුවල යනකොට බේරුවල වරායට බෝට්ටු එන්න දෙන්නේ නැහැ. කොහොමද ඇඹුල්තියල් හදන්නේ.? ඒ හින්දා ඔබතුමියලා ඔබතුමාලාගේ කතා නම් හොඳයි.

හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය, අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්නය බිම් මට්ටමේ මේවා ප්‍රායෝගික වෙනවාද.? දැන් පහුගිය කාලේ කිව්වා විශ්වවිද්‍යාල 50ක් හදනවා කිව්වා. විශ්වවිද්‍යාල 50ක් කෙසේ වෙතත්, සැලසුමක්, ඒ සැලසුම් කරනවා.

විශ්වවිද්‍යාල 50ක් කෙසේ වෙතත් ගරු සභාපතිතුමිය, මම දැක්කා දෙවෙනි තට්ටුවට නම් මුල්ගල් තියෙනවා ඉස්කෝලෙක බිල්ඩින් එකක. දැන් මේ බ්ලොක් ගලක් ගිහිල්ලා තියෙනවා නැකතට. විශ්වවිද්‍යාල 50ක් හදනවා කියලා ආවේ. ඉතින් මේ කාවද රවට්ටන්න හදන්නේ. කාවද රවට්ටන්න හදන්නේ.”

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?