අපොස සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්.. අලුත්ම වෙනස මෙන්න.!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් සදහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් අධ්‍යාපන පරිවර්තනයේදී මෙම කටයුත්ත පිළිබඳවද ඉදිරියේදී සලකා බැලීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එම කාර්යය එක්වර සිදුකළ නොහැකි බවත් 1, 6, 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වර්ගීකරණ අවස්ථා 03ක් යටතේ සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු ගමන් කළ යුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය ඇති දරු පරපුරට උරුම කර දීමේ පදනම සකස් කළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close