පාර්ලිමේන්තුව විනාඩියකට නිහඬ වෙයි

අද (27) දින පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විනාඩියක නිහඬතාවක් පවත්වා ඇත.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිහිපත් කරමින් විනාඩියක නිහඬතාවක් පවත්වා ඇත.

2025 නොවැම්බර් (26) වැනිදා ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ හටගත් අඩු පීඩන කලාපය පසුව ‘දිට්වා’ නමින් ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල කළේය.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පැය 24ක් තුළ මිලිමීටර් 540ක් තරම් වූ ඉහළම වර්ෂාපතනය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ඇදහැලී තිබුණි.

දිට්වා සමග ඇතිවූ තද වැසි, තද සුළං සහ නායයෑම් වලින් මාර්ග පද්ධති, නිවාස සහ වගාබිම් විශාල ලෙස විනාශයට පත්වු අතර ආපදා හේතුවෙන් 650කට අධික පිරිසකට දිවි අහිමි වූ අතර 173කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel