මැදපෙරදිග යළිත් උණුසුම්.. ඉරානයෙන් කුවේටයට ඩ්‍රෝන ප්‍රහාර

ඉරානය විසින් කුවේටය වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කුවේටයේ ජර්මානු සමාගමක සේවයේ නිරතව සිටි ඉතාලි ජාතික කාර්මික ශිල්පීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම ප්‍රහාරයෙන් ඉතාලි ජාතිකයන් දෙදෙනා ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

තම ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා කිහිපයක් හඳුනාගෙන ඒවා ව්‍යාර්ථ කිරීමට ආරක්ෂක හමුදා සමත්වූ බවද‍ කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ප්‍රහාරායත් සමග ආරක්ෂිත පියවරක් ලෙස කුවේට් ගුවන් සීමාව වසා දැමීමට පියවර ගෙන ඇත.

ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් යුරෝපයේ සිට ඉරාකය හරහා ගල්ෆ් කලාපයට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක ගමන් මාර්ග වෙනස් කිරීමට සිදුව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel