මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස (03) වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති මෙම නඩුව අද (26) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉදිරියේ කැඳවූ අතර එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටියේය.
මූලික සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නඩුව දෙසැම්බර් මස (03) වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.
