පෑලියගොඩ ගුදමකින් මතුවු රුපියල් කෝටි 18ක මත්ද්‍රව්‍ය තොගය

මැලේසියාවේ සිට මෙරටට එවා තිබූ පාර්සල් තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු ගුදමක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර එහිදී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18.193ක් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී සොයාගත් එම මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 181,930,000ක් බව රේගුව සඳහන් කරයි.

මූලික රේගු විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel