අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 40කට ආසන්න සංඛ්‍යාවකට අලුතෙන් තීරු බදු පැනවීමට පියවර ගෙන ඇත.
කර්මාන්ත ක්ෂේත්රයේ පවතින අතිරික්ත නිෂ්පාදන ධාරිතාව වළක්වා ගැනීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.
අමෙරිකාව පනවා ඇති තීරු බදු ලැයිස්තුව පහතින්..
වියට්නාමය – 35%යි.
ඉන්දියාව – 25%යි.
චීනය අලුත් තීරු බදු ප්‍රමාණයත් සමග 40%යි.
සිංගප්පූරුව – 20%යි.
බංග්ලාදේශය – 18%ක්.
කාම්බෝජය – 18%ක්.
ඉන්දුනීසියාව – 18%ක්.
මැලේසියාව – 18%ක්.
තායිලන්තය – 18%ක්.
යුරෝපා සංගමයේ රටවල් – 15%ක්.
ජපානය – 15%ක්.
දකුණු කොරියාව – 15%ක්.
ස්විට්සර්ලන්තය – 15%ක්.
තායිවානය – 15%ක්.
ශ්‍රී ලංකාවට අදාළව ඇමරිකාව පනවා ඇති තීරුබදු ප්‍රමාණය 10%කි.
ශ්‍රී ලංකාවට මෙවර අමතර තීරු බදු පැනවීමක් කර නොමැති අතර අමතර තීරු බදු පැනවූ රටවල් අතරින් වැඩි ප්‍රමාණයක් අපනයන වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාව සමග තරග කරන රටවල් වේ.
මේ පසුබිම තුළ ශ්‍රී ලංකාවට ඇගලුම් ඇතුළු අපනයන නිෂ්පාදන සදහා ලෝක වෙළෙඳපොළ තුළ නව අවස්ථා උදාකර ගැනීමේ හැකියාවක් නිර්මාණය වෙමින් ඇත.
