මේ ආණ්ඩුව කවදාවත් කෑ ගහලා ගන්නත් බෑ.. කෑ ගැහුවට දෙන්නෙත් නෑ

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව කවදාවත් කෑ ගහලා ගන්න බැරි බවත් කෑ ගැහුවට දෙන්නෙත් නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,

“රාජ්‍ය සේවය පිළිබඳව විශ්වාසය තබපු සහ රාජ්‍ය සේවකයන් රැක බලා ගන්නා ආණ්ඩුව මේක. හැබැයි සමහර අය හිතනවා, නෑ මේ ආණ්ඩුවෙන් තව ටිකක් කෑ ගැහුවොත් ගන්ඩ පුළුවන් වෙයි කියලා.

මම කියන්නේ මේ ආණ්ඩුව කවදාවත් කෑ ගහලා ගන්නත් බෑ. කෑ ගැහුවට දෙන්නෙත් නෑ. කෑ ගහන්න කලින් දෙනවා. කෑ ගහන්ඩ කලින් දෙන්නේ. මම කියන්නම් සමහර අයට තිබුණු ප්‍රශ්නේ.

සමහර අයට තිබුණු ප්‍රශ්නේ, මේ තරම් මූලික වැටුපක් වැඩි කරා ඒගොල්ලන්ට කෑ ගහන්න අවස්ථාවක් නොදී. ඔන්න ප්‍රශ්නේ. අපිත් එක්ක කතා කරා නම් ඉවරනේ. අපි දන්න ප්‍රශ්නේ. අපි ඒ ප්‍රශ්නේ විසදනවා.

පාරට බැහැලා කවුරුත් කෑ ගහන්න ඕන නෑ. කවුරුත් උද්ඝෝෂණ කරන්න ඕන නෑ. කවුරුත් වැඩවර්ජන කරන්න ඕන නෑ. අපි හදුනාගත්ත ප්‍රශ්න විසදන ආණ්ඩුවක් මේක. ප්‍රශ්න හදුනා ගැනීම සඳහා අපි වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරනවා.

මේ හැමදෙනාගේම ප්‍රශ්නය අපි දන්නවා. හැමදෙනාගේම ප්‍රශ්නය කෑ ගහන්ඩ කලින් අපි විසදනවා. කෑ ගැහුවට විසදුම් දෙන්න බැරි ඒවට දෙන්නේ නෑ. දෙන්ඩ බෑ.”

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel