රෝහිතගේ චන්ද්‍රිකා ගනුදෙනුව එළියට.. FCIDයට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ අද (26) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවා ඇත.

‘SupremeSAT’ චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රෝහිත රාජපක්ෂ FCIDයට කැඳවා ඇත.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි රෝහිත රාජපක්ෂ පැය 4කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටව ගියේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel