නායකයන් පසුපස යන පිරිස බයියන් බවත්, නායක වන්දනාව හා ධන වන්දනාව කරන පිරිස ටොයියන් බවටත් බවත් සමාජය විසින් හඳුන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.
එම බයියන් සහ ටොයියන්ට අමතරව තවත් අනෙක් පිරිස කටින් විතරක් රටවල් හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ‘කයියන්’ බවද මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.
මේ රටට දැන් අවශ්‍ය වන්නේ කයියන් බයියන් හෝ ටොයියන්ගේ එම පාලනයක් නොවන බවත් අවශ්‍ය වන්නේ වැඩ්ඩන්ගේ පාලනයක් බවද මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.
එම වැඩ්ඩන් අතට දේශපාලන බලය ලැබිය යුතු බවත් ඒ සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක තවදුරටත් සඳහන් කරයි.