පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇත.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වසන්ත මුදලිගේ සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සරසවි සිසුන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවිය ඉදිරිපිට මහනුවර කොළඹ මාර්ගය හරස් කරමින් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පේරාදෙණිය සරසවිය ඉදිරිපිටින් අවහිර වී ඇත.