ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන ‘තාක්ෂණික දෝෂය’ කුමක්ද යන්න පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමේදී අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි.
ගරු අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමා එම තීන්දුවට ගරු කරන බවද මෛත්රීපාල සිරිසේන සඳහන් කරයි.
ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105 ව්යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ (37417/10 සහ 40042 යන නඩු අංක යටතේ) මෙම නඩු පැවතී ඇත.

