හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.
ප්‍රදීප් කාරියවසම් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළාය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10ක් සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම, සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරු අද (07) දහවල් අත්අඩංගුවට ගත්තේය.
