මේ වනවිට භික්ෂුත්වයෙන් නෙරපා සිටින රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය සෙනසුරාදා (06) රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මුහුණු ආවරණය කර පහරදී පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම පහරකෑමෙන් තුවාල ලැබූ චීවරධාරීයා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත් එම පහරදීමට හේතුව සහ පහරදුන් පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර මෙම පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
