මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇත.
එම කැබ් රථය තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා, අමාත්‍යවරයාගේ ආරක්ෂකයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය සදහන් කරයි.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන්ගත් කැබ් රථය රුවන්වැල්ල සිට කරවනැල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෙම හදිසි අනතුරින් කැබ් රථය ඉදිරිපස බරපතළ ලෙස අලාභ සිදු වී ඇති බව වාර්තා වේ.