පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යොදා ගනිමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න අගවිනිසුරුවරයා විවේචනය කිරීමට කටයුතු කළාය.
ඔහුගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ තොරතුරු, විවාහ සහතිකය, උපන් දිනය මෙන්ම දරුවන්ගේ උප්පැන්න සහතික පිළිබඳව මන්ත්‍රීනී රෝහිණී කවිරත්න ප්‍රකාශයක් කළාය.
මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“මම මේ සභාවේදී කිවුවා පී.පී සූරසේන අගවිනිසුරුතුමා ගැන ප්‍රචාරයක් මාධ්‍යයේ තියෙනවා. මේක නිවැරදි කරන්න ඉල්ලපුවාම මුලසුනයේ හිටපු මන්ත්‍රීතුමා කියනවා ඒ කතාව සාවද්‍යයිලු. විමර්ශනයක් කරාද, පරීක්ෂණයක් කරාද, වගකීම් සහිතවද එතුමා ඒක ප්‍රකාශ කරේ. ඒ වගකීම් විරහිතව මගේ කතාව අයින් කරා. මම කියනවා එතුමා ඔය පුටුවේ වාඩිවෙන්න සුදුසු නෑ කියලා.”
“එක්ප්‍රස් පර්ල් නඩුවේ ඩොලර් බිලියන 1ක් අහිමි කරපු, ඒ වගේම ලන්ඩන් පී ඇන් අයි ක්ලබ් එක ජනාධිපතිතුමාට මැදිහත්වෙන්න ලියුමක් එවලා තියෙනවා. විනිසුරුවන් පස් දෙනෙක්ගෙන් අග්‍රවිනිශ්චයකාර මුර්දු ප්‍රනාන්දු මැතිණිය දීපු තීන්දුව විනිශ්චයකාරවරුන් තුන් දෙනෙක් අඩු කරලා තීන්දුව දීලා අද රටට ලැබෙන්න තිබුණ බිලියන 1ක් අහිමි කරපු අග්‍රවිනිශ්චයකාරයෙක් වෙනුවෙන් අද කතා කරන්නේ.”
“යු ටියුබ් චැනල් එක කියනවා. කේඩියු එකේ තොරතුරු නෑ. විවාහ සහතිකයේ උපන්දිනය නෑ. දරුවන්ගේ උප්පැන්න වල නෑ. වැරදි නම් මේවා නිවැරදි කරන්න. එහෙම නොවේ නම් සීජේගේ උප්පැන්න සහතිකය අහුවෙලා එතුමාව ජනාධිපතිතුමා විසින් බ්ලැක්මේල් කරනවාද කියන ප්‍රශ්නය තියෙනවා. එතුමා කූට ලේඛන සකස් කරලා අවුරුදු 20ක් හිරේ යනවාද, නැත්තම් අපිට ඕන විදිහට නඩු තීන්දු ලබාදෙනවාද කියලා.”
