Advertisements

රුමේෂ් තරංග ලෝකයේ තෙවැනි ස්ථානයට

අද (10) දින ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

නවතම වර්ගීකරණයට අනුව රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටින අතර ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් ලකුණු 1,360ක් ලබා සිටියි.

දෙවැනි ස්ථානයේ සිටින ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ට ලකුණු 1,326ක් ලබාගෙන ඇති අතර එය රුමේෂ් තරංගට වඩා ලකුණු 2ක ඉතා සුළු පරතරයක් වීම විශේෂත්වයකි.

ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ඔලිම්පික් රන් පදක්කම් ලාභී ක්‍රීඩකයන් දෙදෙනෙකුම අභිබවා යාමට රුමේෂ් තරංගට හැකියාව ලැබී ඇත. 

Advertisements
2 Comments
Most Voted
Newest Oldest