රුසියානු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට පුටින් හොදටම සලකයි.!

රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන මොස්කව් නුවරට ආසන්න ක්‍රෝකස් නගර ශාලා රඟහලට එල්ල වු ප්‍රහාරයෙන් පුද්ගලයින් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 182 දෙනෙකු තුවාල ලබා ඇත.

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් බලය තහවුරු කරගැනීමත් සමග එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඔහුට එල්ල වූ ප්‍රබලතම අභියෝගයක් ලෙසත් සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය සම්බන්ධව සැකකරුවන් 04 දෙනෙකු ඒ පිළිබඳ පාපොච්චාරණය කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන් බරපතළ වධ බන්ධනවලට ලක්වී ඇති බව පෙනී ගියේය.

මෙම ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ තජිකිස්ථාන සැකකරුවන් හතර දෙනාගේ පවුල්වල සාමාජිකයන් රුසියානු විමර්ශකයන් හමුවට පමුණුවීම සඳහා පදිංචිව සිටින ග්‍රාමීය ප්‍රදේශවල සිට ඩුෂන්බේ අගනුවර වෙත රැගෙනවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර සැකකරුවන් 04 දෙනාට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් 08 වැනි සැකකරු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close