රට තුළ පාසල් බෑග් සහ පාසල් සපත්තු මිල ගණන් පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (11) දින මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කරයි.
නව පාසල් වාරය ආරම්භ වීමත් සමග පාසල් දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිලදී ගැනීමේදී දෙමව්පියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද සාකච්ඡාවේදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
මේ වනවිට සපත්තු සහ බෑග් මෙරටට ආයනයන සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර ඒවා දේශීයව නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීම සිදුකරන බවත් ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල පහළ යායුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් එසේ මිල අඩුකර නොමැතිනම් වහාම ජනාධිපතිවරයාට දන්වා මිල අඩුකිරීමට අදාළ පිළියමක් සඳහා යොමුවන බවද අමාත්‍යවරයා සදහන් කරයි.