ශෂී වීරවංශගේ නඩුවට දින නියම කරයි

LIVE

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාල නඩුකරය අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී සිරදඬුවම් නියම වී මේ වනවිට ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී නියම වී ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

අනතුරුව එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කිරිම සඳහා අදාළ පැමිණිල්ල ලබන (26) වනදා කැඳවන ලෙස නියම කළේය.

0 Comments
Most Voted
Newest Oldest