අවුරුද්දට නෑගම් ගිය 17 හැවිරිදි සිසුවියට වෙඩි තබයි.!

මින්නේරිය, යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී 17 හැවිරිදි සිසුවියකට ඊයේ (14) දින රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලීසිය සදහන් කරයි.

එම සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සදහන් කරයි.

වෙඩි තැබීමෙන් සිසුවියගේ ගෙල ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර සිසුවිය මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය විමර්ශන සිදුකරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close