නිදහසේ වෘක්ෂය කඩාවැටේ..බටහිර අප්‍රිකාවට ශෝක දිනයක්.!

බටහිර අප්‍රිකානු සියෙරා ලියෝන්හි වැසියන් කම්පාවට පත් කරමින් එරට නිදහසේ වෘක්ෂය ඇදවැටී තිබෙනවා.වසර 400ක පැරණි මෙම කපු ගස එරට වැසියන්ගේ නිදහසේ සංකේතයයි.

රට තුළ පැවැති අධික වර්ෂාපතනයක් සමඟ ඇතිවූ කුණාටුවෙන් මෙම ගස කඩා වැටී තිබේ.කඩා වැටුණු වෘක්ෂය දැකබලා බලා ගැනීමට විශාල ජනකායක් ඒ අවට රැස්වී තිබෙන ආකාරය දැකගත හැකිය.

මෙම ගස කඩා වැටීමත් සමඟ එරට වැසියන් තුළ යම්කිසි කලබලකාරී ස්වරෑපයක් වාර්තා විය.රජය පවසන්නේ එරට වැසියන්ට කලබල වීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close