ස්පා තරුණියන් 08 දෙනෙකුට සමාජ රෝග.. HIV ආසාදිත 15 හැවිරිදි බාල වයස්කාරියක්ද ඒ අතර.

ඒ මීගමුව කොට්ඨාසය භාර නිලධාරී පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ මෙහෙයවීමෙන් සිදුකල වැටලීමකදී මීගමුව පොලිස් කොට්ඨාසයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක් වටලා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒවා වසා දමා තිබේ.

එම සම්බාහන මධ්‍යස්ථාන නිසි අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම වැටලීමෙන් අනතුරුව සිදුකල වෛද්‍ය පරීක්‍ෂාවේදී සමාජ රෝග වැළඳුනු සම්බාහන සේවිකාවන් අටදෙනෙක් සොයාගත් බවත් ඒ අතුරින් දෙදෙනෙකුට එච්.අයි.වී. ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව පොලීසිය පැවසීය.

මෙම හදිසි මෙහෙයුමට මූලික හේතුව වී තිබෙන්නේ මතට ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය සායන සඳහා යොමුකෙරෙන “සවිය වැඩසටහන” අතරතුර ඔහු HIV ආසාදිතයෙකු බවට තහවුරුවීමත් ඔහු මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු බවට හෙළිවීමත් සමග ය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close