කොළඹ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ (11) රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්වා ඇත.
යූ.එල්. 606 දරණ මෙම ගුවන් යානයේ එක් එන්ජිමකට අකුණු සැර වැදීම සිදුව ඇති අතර අනතුරුව ආරක්ෂිත පියවරක් වශයෙන් ගුවන් යානය යළි කටුනායක ගුවත් තොටුපොළ වෙත ගොඩබෑමට කටයුතු කළ බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.
අකුණු සැර වැදීම හේතුවෙන් එම ගුවන් යානයේ කිසිදු මගියෙකුට හෝ ගුවන් යානයට හානියක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.
අනතුරුව වෙනත් ගුවන් යානයකින් අදාළ මගීන් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්කර ඇති අතර මේ හේතුවෙන් ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.
