ලොව පුරා සිදුවන දේශගුණික විපර්යාසයන් මත ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවත් එය රටවල් රැසකට බලපෑමක් එල්ල කරන බවද නවතම අධ්‍යයනයකින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නවතම අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ දිය යට සිදුවන නායයාම් හේතුවෙන් පෘථිවියේ දකුණු පසින් වූ සාගරයේ යෝධ සුනාමියක් ඇතිවිය හැකි බවයි.
යෝධ සුනාමියේ පරිමාණය පිළිබඳව තවමත් නිසි සටහනක් නොමැති වුවද එමගින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි සුනාමි තත්ත්වයක් ඇතිවූ බවටද සාක්ෂිද එම අධ්‍යයනයෙන් සදහන් කර ඇත.
සුනාමි අනතුරු ඇඟවීම් හඳුනාගැනීමේ තාක්ෂණය තව තවත් වර්ධනය කළ යුතු බව තවදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කරමින් විශේෂඥයින් සදහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු ඇමෙරිකාව, නවසීලන්තය සිට ගිණිකොණදිග ආසියාව දක්වා පසුගිය වසර මිලියන ගණනකට පෙර මෙම සුනාමි රළ ඇතිවී තිබෙන බවත් එම වාර්තාවල තොරතුරු සඳහන් කර ඇති බවද සදහන් කරයි.
1958 july 09 ඇලස්කාවට කඩා වැදී යෝධ සුනාමියට වඩා අතිශයින් දරුණු සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් අඩි 1700 උසට ඇතිවූ යෝධ සුනාමි රළ 1958දී ඇලස්කාවට අති විශාල හානියක් සිදු කරනු ලැබු බවද තවදුරටත් සදහන් කරයි.
ශ්‍රී ලංකාව වැනි කුඩා දුපත් වලට මෙම තත්වය ඉතා දරුණු ලෙස බලපෑම අනිවාර්යය වනු ඇති බවත් මෙම මාරාන්තික පරිසර වෙනස්වීම් කෙරෙහි ලෝකය මීට වඩා අවධානය යොමු කළ යුතු වේ.