මහින්ද රාජපක්ෂලාගේ කඳවුර බලයට ගේන්න සහ ගෝඨාභය බලයට ගේන්න නිශ්චිතවම සුරේෂ් සලේ දේශපාලන ගේම් එකක ඉදලා තියෙන බවත් ඒ ගේම් එක ඉටු කරගන්න මිනිස්සු 300ක් මරලා තියෙන බව වසන්ත මුදලිගේ සඳහන් කරයි.
දැන් සුරේෂ් සලේගෙන් ටික ටික කරුණු එළියට එද්දි රාජපක්ෂ කඳවුර අඩන්න පටන් අරන් තියෙන බවත් සලේගෙන් තොරතුරු එද්දි නාමල් රාජපක්ෂලා කෑ ගහන්න පටන් අරන් තියෙන බවද වසන්ත මුදලිගේ සඳහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් වසන්ත මුදලිගේ සඳහන් කළේ,
“අත්අඩංගුවට අරගෙන දවස් කිහිපයක් ගියාට පස්සේ සුරේෂ් සලේ කියනවා, දැන් එයාට බෙල්ලෙ වැල දාගන්න හිතෙනවා. මැරෙන්න හිතෙනවා. හරිම අමාරුයි. අපිට හිතෙනවා මේක හරිම විහිලු සහගත තත්ත්වයක්.
පසුගිය 2022 අවුරුද්දේ තිබුණු අරගලයෙන් පස්සේ අපිව අත්අඩංගුවට ගත්තා. අපිව අත්අඩංගුවට අරගෙන චෝදනා ගොඩක් දාලා අපිව හිරකරා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්.
ඒ පනතෙන් රනිල් වික්‍රමසිංහ හිරකරලා, දේශබන්දුලා ඒකට සහාය දීලා සුරේෂ් සලේලත් ඒකේ කොනක හිටියා. ඒගොල්ලෝ අපිව දැම්මා අදුරු කාමරවල. අදුරු කාමරවලට දාලා හුස්ම ටිකක් ගන්න බැරිවෙන්න, හුලං වදින්න බැරිවෙන්න දාඩිය දාලා කුණුවෙන්න ඇරලා තිබුණේ.
කන්න බොන්න හරියට දුන්නේ නෑ. නිදාගන්න පැදුරක්, රෙදිකඩමල්ලක් දුන්නේ නෑ. මේ ඔක්කොම කරලා ඉවර වෙලා, පුළුවන් තරම් අපිව ඝාතනය කරන්න සැලසුම් කරපු, හැබැයි මිනිස්සුන්ගේ විරෝධය නිසා කරගන්න බැරිවුණු සුරේෂ් සලේලා දැන් කෙඳිරිගානවා ඇප ගන්න.
පාස්කු ප්‍රහාර 300ක් මරපු එක අමතක කරවලා, 500ක් තුවාල කරපු එක අමතක කරවලා ඇප ගන්න දැන් කෙඳිරිගානවා. පස්සපැත්ත රිදෙනවා කියනවා. බෙල්ලෙ වැල දාගන්න හිතෙනවා කියනවා.”
“මහින්ද රාජපක්ෂලාගේ කඳවුර බලයට ගේන්න, ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න නිශ්චිතවම සුරේෂ් සලේ දේශපාලන ගේම් එකක ඉදලා තියෙනවා. ඒ ගේම් එක ඉටු කරගන්න මිනිස්සු 300ක් මරලා තියෙනවා. බෝම්බ ගහන්න සැලසුම් කරලා තියෙනවා. මිනිස්සූ 500ක් තුවාල කරලා තියෙනවා.
එනිසා මේ විමර්ශන ඉදිරියට යන්න ඕන. සුරේෂ් සලේගෙන් ටික ටික ටික කරුණු එළියට ඇවිල්ලා ඒවා ඔප්පු වෙන්න පටන් ගනිද්දි අර සිංදුවේ මලිත්ට ගහද්දි චන්චලා අඬනවා වගේ දැන් රාජපක්ෂ කඳවුරත් තෙත් වෙලා තියෙනවා.
දැන් සුරේෂ් සලේගෙන් කරුණු එළියට එනවා. ඒවා ටික ටික එළියට එද්දි රාජපක්ෂ කඳවුර අඩන්න පටන් අරන් තියෙනවා. මොකක්ද සම්බන්දේ.? සලේට ගහද්දි ඇයි රාජපක්ෂලා අඩන්නේ. සලේගෙන් තොරතුරු එද්දි ඇයි නාමල් රාජපක්ෂලා කෑ ගහන්නේ. හරි පැහැදිලියි. සම්බන්ධ හෙළිදරව් වෙනවා.”
