Advertisements

සුරේෂ්⁣ සලේ දිනපතා හමුවෙන්න බෑ.. සතියකට එක වතාවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත.

සුරේෂ්⁣ සලේට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා සලේගේ බිරිඳ වන මනෝරි සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මේ බව දැනුවත් කර ඇත.

සුරේෂ් සලේ මේ වන විට විමර්ශන කටයුතු වලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමිවී සෞඛ්‍ය තත්ත්වයට අහිතරක බලපෑම් එල්ල විය හැකි බවත් අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියේ දිනකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබාදී ඇති බවද CID අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

Advertisements
3 Comments
Most Voted
Newest Oldest