තොරතුරු හෙළිවෙද්දි සුරේෂ් සලේ සියදිවි නසාගැනීමට සැරසෙයි.?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ සියදිවි නසාගැනිමේ අවදානමක් ඇතැයි ඔහුගේ නීතිඥයින් වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කර ඇත.

සුරේෂ් සලේ පිළිබඳව දැනට ලබාදී ඇති අධිකරණ වෛද්‍ය වාර්තා මත පදනම්ව සුරේෂ් සලේට කාන්සාව විශාදය සහ පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතා (PTSD ) ඇතැයි ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවල සඳහන් බව එම නීතීඥයින් සඳහන් කර ඇත.

අද (03) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නඩුව කැඳවු අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.

එනිසා සුරේෂ් සලේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනත් ස්ථානයට සුදුසු මානසික ප්‍රතිකාරයන් සඳහා යොමු කරන ලෙසද ඔහුගේ නීතිඥයින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.

මෝසමක් මගින් මෙම නඩුව කැඳවමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර මෝසම කැඳවන අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හෝ අගතියට පත් පාර්ශවය නියෝජනය කරන නීතිඥවරුන් පෙනී සිටියේ නැත.

ඒ අනුව සුරේස් සලේ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට (04) දින කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතිසි නිකුත් කළේය. 

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments