Advertisements

සලේගේ පෙත්සමට දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (11) දින අභියාචනාධිකරණයේදී කැඳවයි.

මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස (10) වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest