By unusuma.lk on
(LK time)අද (05) දහවල් බදුල්ල තැන්නපංගුව මාර්ගයේ ලොරි රථයක් පෙරලීයාමෙන් සිව්දෙනෙකු මියගොස් තිදෙනකු බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොණරාගල හුලංදාව ප්රදේශයේ පදිංචි පිරිසක් බව වාර්තා වෙයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ එම ප්රදේශයේ බස්නැවතුමක් ඉදිකිරීමට තැන්නපංගුව ප්රදේශයට ගොස් ආපසු බදුල්ල බලා ලොරියෙන් ගමන් කරමින් සිටි ඉදිකිරීම් ආයතනයක සේවකයන් පිරිසක් බව පොලිසිය සදහන් කළේය.