ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන උදයදේවී දුම්රියට සම්බන්ධක දුම්රියක් අග්බෝපුරදී පීලි පැනීමකට ලක්ව ඇත.
අග්බෝපුරදී පීලිපැනීම සිදුවී ඇති අතර එහි මැදිරි ත්‍රිත්වයක් පීලි පැනීමට ලක්වී නියාමක මැදිරිය පෙරළීගොස් ඇති බවත් එහි සිටි සහයක නියාමකවරයා තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
මෙම හදිසි අනතුරෙන් මඟීන්ටද තුවාල සිදුවී ඇති බවත් එම තුවාල ලැබූ පුද්ගලයින්ව ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහි තුවාලකරුවන් 16 දෙනෙකු සිටින බවද වාර්තා වේ.