දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.!

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, කැලණිවැලි දුම්‍‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බවයි.

එළඹෙන (21) වනදා පෙරවරු 08.00 සිට (22) වනදා පෙරවරු 05.00 දක්වා අදාළ දුම්රිය මාර්ගය හරහා වැටී ඇති මාර්ගය තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අදාළ හරස් මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close