වාහන බලපත්‍ර ලබා නොදුනහොත් මැතිවරණයට ඉදිරිපත් නොවන මන්ත්‍රීවරු මෙන්න.!

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදුන් තීරු බදු රහිත  වාහන බලපත්‍රය ලබා නොදේනන්, ඊට වඩා මිල අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර  ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ  රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වාහනයක් මිලදී ගත හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් කාලයක් තිස්සේ  ලැබුණු නමුත් රටේ පවතින ආර්ථික තත්වය මත එම වාහන බලපත්‍රය නිකුත් කිරීම මීට වසර නවයකට පමණ පෙර සිට නතර කෙරිණි. 

එලඹෙන මැතිවරණ කටයුතු වලදී කටයුතු කරගැනීමට වාහනයක් නොමැතිවීම විශාල ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  රැසක්  පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

එම කාරණාව පිළිබඳ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනයකදී  සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තු වෙන බවද සඳහන්.

එකදු වාහනයක් හෝ නැති නවක මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම පාර්ලිමේන්තුවේ සිටින බවද එම මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත.

මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත  වාහන බලපත්‍රය ලබාදෙන්නැයි පසුගිය කාලය පුරා වරින් වර ඉල්ලීම් කළද  රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් වැලකී සිටි අතර අවසන් වරට එම බලපත්‍රය නිකුත්කර ඇත්තේ 2015 වර්ෂයේදීය.

මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැයකරමින් බවත්, බොහෝ අය එම වියදම් වූ මුදල ආවරණය කර  ගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රය විකිනීමෙන් බවත් පැවසේ.

වාහන බලපත්‍රය ලබා නොදීම හේතුවෙන් ඡන්ද වියදම් සඳහා මුදල් සොයාගැනීම දුෂ්කරවී ඇතැයි මන්ත්‍රීවරු පවසති.

ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

මේ අතර, අධික ඉන්ධන වියදම් හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සවවලට සහභාගීවීමද සීමාකර ඇතැයි වාර්තා වේ.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close