පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270ක පමණ ප්‍රමාණයක් ඇති බවට සැක කරයි.
අදාළ සැකසහිත බහුදින ධීවර යාත්‍රා දෙක මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වෙයි.

