විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
එමෙන්ම රන් මිල මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවද විශේෂඥයින් මත පළ කරනු ලබයි.
එමෙන්ම රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති අතර පැලේඩියම් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ.
මෙලෙස රන් මිල අඛන්ඩව ඉහළ යාමට බලපා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ බව විදෙස් මාධ්‍ය පවසයි.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකාව විසින් යටත් කර ගැනීම, ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීම යන කරුණු ද රන් මිල ඉහළ යාමට බලපා ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ.

