විශාල භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන වර්ගයට අයත් ලොව ප්‍රථම මිනිසුන් රහිත Cai Hong YH-1000S නම් දෙමුහුන් ගුවන් යානය චීනයේ Chongqing නගරයේදී සිය ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිමකර ඇත.
මෙම ගුවන් යානය චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් ගුවන් ගමන් සඳහා වන සුදුසුකම් සහ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදය කරන ලද විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් වන අතර මෙම යානයේ ගුවන් නියමුවෙකු හො කිසිදු නිලධාරියෙකු නොමැත.
ගෝලීය වෙළඳපොළ ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති මෙම විශාල මිනිසුන් රහිත ගුවන් යානය ජාත්‍යන්තර සැපයුම් සහ බෙදාහැරීම, හදිසි ගලවා ගැනීම සහ ආපදා අවම කිරීම, කෘතිම කාලගුණ වෙනස් කිරීම, සමුද්‍ර නිරීක්ෂණය සහ සමුද්‍රීය අධීක්ෂණය වැනි ක්ෂේත්රවල භාවිතා කළ හැකි බවද සඳහන් කරයි.

