ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අරඹයි.!

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) තහවුරු කරයි.

අදාළ මිසයිල ප්‍රහාර ඉරානයේ සිට පැමිණි බව හඳුනාගත් බවත් එම ප්‍රහාරයන් වැළැක්වීමට කටයුතු කළ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් සඳහන් කරයි.

තවද එරට වැසියන්ට ඊශ්‍රායල ආරක්ෂක අංශ පූර්වාරක්ෂක නියෝගය අනුව කටයුතු කරන ලෙස දැනුම්දී ඇති අතර වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසටත් මහජනතාවට උපදෙස් ලබාදී ඇත.

මේ අතර ඉරානය සමග පවතින ආතතිය මධ්‍යයේ සිරියාව, කටාර් සහ බහරේනය යන රටවල පිහිටි හමුදා කඳවුරුවලින් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට කටයුතු කර ඇත.

පසුගිය (23) වැනිදා සිට එම කලාපවල සිටි සෙබළුන් සහ යුද්ධ උපකරණ ඉරාකයේ කුර්දිස්ථාන කලාපය වෙත මාරු කර ඇතැයි වාර්තා වේ.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest