ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේදී මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 10 දෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
මෙම බහුදින ධීවර යාත්‍රාවල තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සොයාගැනුණ අතර අනතුරුව නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත මත්ද්‍රව්‍ය හා ගිනිඅවි සමග අදාළ සැකකරුවන් 10 දෙනා භාරදී ඇත.
මෙම සැකකරුවන් අවුරුදු 22 ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය හා ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326ක් සන්තකයේ තබාගැනීම, ආනයනය හා ජාවාරම් කිරීම පිස්තෝල අවි 8ක්, මැගසින් 15ක්, ටී56 අවි 2ක්, M16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04ක් ආනයනය කිරීම හා සන්තකයේ තබාගැනීම, එම වැරදි සඳහා ආධාර අනුබල දීම සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
