පාසල් ළමුන් සහ ගුරුවරුන් 200කට මරු කැඳවු ප්‍රහාර

යුද්ධය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ ළමුන් සහ ගරුවරුන් 200කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව ඉරානයේ මාධ්‍ය ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි සඳහන් කළාය.

එල්ල වු ප්‍රහාර හේතුවෙන් පාසල් 120කට පමණ හානි සිදුව ඇති බවත් ටෙහෙරානයේ පිහිටා ඇති ආසඩි කුලුනට දැඩි ලෙස හානි වී ඇති බවද මාධ්‍ය ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි සඳහන් කළාය.

පාසල් සිසුන් සහ ගුරුවරුන් 161කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව ඉරාන අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් IRNA ප්‍රවෘත්ත ඒජන්සිය සඳහන් කරයි.

පුද්ගලයින් 42,914 දෙනෙකුට අයත් දේපළ විනාශ වී ඇති බව බවත් ඉරානයේ රතු අඩසඳ සංගමය සඳහන් කරයි. 

රට පුරා ඇති වෛද්‍ය, සෞඛ්‍ය සහ හදිසි මධ්‍යස්ථාන 160කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවද සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments