කිසිම අවස්ථාවක සටන් විරාමයක් හෝ සාකච්ඡා සඳහා ඉරානය ඉල්ලීම් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
ජනාධිපති ට්‍රම්ප් සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙය හිතාමතා තෝරාගත් යුද්ධයක් බවත් ඉදිරියටත් රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවද ඉරානය විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරානය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ,
“අපට අමෙරිකානුවන් සමඟ කතා කිරීමට කිසිදු හේතුවක් පෙනෙන්නට නැහැ. මොකද ඔවුන් අපට පහර දීමට තීරණය කරන විටත් අප ඔවුන් සමඟ සාකච්ඡා කරමිනුයි සිටියේ.”
