මේ වනවිට පවතින තත්ත්වයත් සමඟ සෑම සතියක බදාදා දිනය නිවාඩු ලබාදීමත් සමඟ පාසල්වල පැවැත්වීමට නියමිත ඉදිරි විභාග දිනයන්, දින කිහිපයක් පසුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ ඇතුළු පාසල් සහ විශ්වවිද්‍යාල විභාග පවතින තත්ත්වය හමුවේ යම් දින වකවානු ප්‍රමාණයකින් කල් යාමේ හැකියාවක් පවතින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (16) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව අමතිමින් කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ,
“විශ්වවිද්‍යාල වලට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවසර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරුවා. බදාදා දිනය නිවාඩුවක් වුණත් ඒ වගේම අනිත් දින වලදී Zoom තාක්ෂණය ඔස්සේ ඒ අදාළ ලෙක්චර්ස් පැවැත්වීම සඳහා. ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා.”
“අලුත් අවුරුදු නිවාඩුව පාසල්වලට එලැඹෙන අප්‍රේල් මාසසේ (10) වනදා සිට. ඒ දිනවලදී තමා මේ සතියට එක දවසක් නිවාඩු ලබා දෙන්නේ. මේ සියලු දෙයින් යම් විදියකට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට වැළැක්වීමට හැකියාවක් නෑ. ඒක ලොකු දින ප්‍රමාණයකින් නෙමෙයි. යම්කිසි ආකාරයකට දිනවකවානු ඒ තිබ්බ විදියට වඩා පසුවෙන්න හැකියාව තිබෙනවා.”
